Posts

Showing posts from March, 2018

නයි ටිකට දෙන්න පුලුවන් ලොකුම දුක දිලා අඩවමින් අන්තිම පන් දුවේ 6 ක් ගහලා ඉන් දියාව දින්නේ මෙහමයි බලන්නකො අන්තිම බෝල දෙක VIDEO

Image
නිදහස් කුසලාන 20 විස්ස අද (18) පැවති අවසාන මහ තරගය කඩුළු 04න් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා පන්දුවට පළමුවෙන් පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දිය කණ්ඩායමට ලකුණු 167ක ඉළක්කයක් ලබාදුන්නා. සිය ඉළක්කය සපුරා ගැනීම සඳහා පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 168 රැස්කළාඅද (18) තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දියාව පළමුව පන්දු රැකිමට තීරණය කළ අතර පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 166 ක් රැස් කළේ කඩුළු 05ක් දැවි යාමේන්. මෙහිදී බංග්ලාදේශ කණ්ඩායමේ සබීර් රෙහෙමාන් ලකුණු 77ක් රැස් කළේ පන්දු 50කදී හතරේ පහර 07ක් සහ හයේ පහර 04ක් සමගින්ම හමදුල්ලා ලකුණු 21ක් රැස් කළ අතර තමින් ඉක්බාල් ලකුණු 15ක් රැස් කළා.හසන්නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 19යිපන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චාහල් පන්දුවාර 04 තුල ලකුණු 18කට කඩුලු 03ක් බිඳ දැමුවාජාදෙව් උනට්කට් කඩුලු 02ක් බිඳ හෙළිමට සමත්වුණා.

‘තිසර සමග ඇතිවු ගැටුම වැලැකුවේ නැත්තම් තත්වය බරපතලයි’.. මහත්මා ක‍්‍රිකට් වැනසු බංගලියන්ට දුන් දඩුවම මෙන්න

Image
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 16 වැනිදා පැවැති නිදහස් කුසලාන තරගයේ අවසන් ඕවරයේදී නොමනා ලෙසින් හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන්ට සහ අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට ඔවුන්ගේ තරග මුදලින් 25% ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කරතිබේ. ඊට අමතරව මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම අගති ලකුණක් බැගින්ද නියම කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද ක්‍රීඩක විනය නීතිමාලාවේ පළමු වැනි තලයේ වරදක් හේතුවෙන් ක්‍රීඩකයන් දෙදෙනාටම මෙම අගති ලකුණු පනවා තිබේ. වසර 2016 සැප්තැම්බර් මස 22 වැනිදා මෙම අගති ලකුණු ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව මෙම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කවරෙකු හෝ අගති ලකුණු වලට මුහුණ දුන් පළමු වැනි වතාව මෙයයි. ක්‍රීඩකයන්ට මෙන්ම කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සඳහා පනවා ඇති විනය නීති මාලාව අනුව “ක්‍රීඩාවේ යහගුණය බිඳවැටෙන පරිදි හැසිරීම” වෙනුවෙන් සකිබ් අල් හසන්ට දඩ සහ අගති ලකුණු නියම කර තිබේ. තරගයේ අවසන් ඕවරයේදී නිපන්දුවක් සම්බන්ධයෙන් ඇතිවූ මතහේදයක් හේතුවෙන් ක්‍රීඩාගාරයෙන් ඉවතට පැමිණි සකිබ් අල් හසන් හතරේ සීමාව ආසන්නයට ගොස් තමන්ගේ ක්‍රීඩකයන්ට තරගයෙන් ඉව...

හිත හොද රොහිත් ලස්සනට සිංහල කතා කරන හැටි බලන්න බංගලියො වගේ නෙවෙයි නියම මහත්තයෙක් නේද video

Image
මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය කණ්ඩායමද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.මේ වන විට ඉන්දීය කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලබා ඇති අතර බංග්ලාදේශය සමග ඔවුන් හෙට දිනයේ තරග වැදීමට නියමිතය මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ රෝහිත් ශර්මා හටය.රෝහිත් ශර්මා පිලිබදව මේ දිනවල ශ්‍රී ලංකාවේ පුවත් මැවෙමින් තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ගයාන් මංජුල සමඟ ඉන්දියාවට ගොස් සිටි නිලාම්ගේ පියා අසනීප වුණ බව දැනගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා වහාම නිලාම්ට ආපසු ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට් පතක් වෙන්කරදී තිබූ අතර, එම සිදුවීම අමතක වී ගොස් නොමැති ඉන්දීය නායකයා මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය අතරතුරදී නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔහුව බැලීමට ගොස් ඇත. ඉන්දීය නායකයා නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා නිලාම්ගේ නිවසට ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිමත් කරන්නකු වන ගයාන් කුමාර පවසා සිටියේ මෙවැන්නකි. මට රෝහිත් ෂර්මා හමු වුණාම ...